
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලබන සඳුදා දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවට සාක්ෂි දීම සඳහා පැමිණෙන ලෙස අද (26) පැවැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල තීරණය කර තිබේ. පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම නඩුව විභාග කෙරෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙනුයි.