70 views 0 secs 0 comments

නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වසා තැබේ…

In Local News
April 30, 2025

නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය මැයි මස 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතය.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ස්ථානය පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට නියම වීමත්, ඡන්ද විමසීම මැයි 06 දින පැවැත්වෙන බැවිනි.

ඒ අනුව, මැයි 05 සහ 06 දිනවලදී සාමාන්‍ය රාජකාරි සඳහා දෙපාර්තමේන්තුව විවෘත නොවන බවද මහජනතාවට දැනුම් දී ඇත.

මෝටර් රථ ලියාපදිංචි කිරීම, බලපත්‍ර නිකුත් කිරීම සහ සෙසු සේවා ලබන්නට බලාපොරොත්තු වන පිරිස් මෙම දිනවලදී පැමිණීමෙන් වළකින්නැයිද වාර්තා වේ.