
දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නොවැම්බර් 11 වැනිදා වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.