Connect with us

Local News

පාසල් වල තෙවන වාරය අදින් අරඹයි..

Published

on

රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල තුන්වැනි වාරය අද(05) ආරම්භ වූ අතර නත්තල වෙනුවෙන් යළි ලබන 22 වැනිදා පාසල්වලට නිවාඩු ලබා දී ජනවාරි 2 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

පසුව අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා ජනවාරි 20 වැනිදා පාසල්වලට නිවාඩු ලබාදෙන අතර පෙබරවාරි 20 වැනිදා යළිත් පාසල් ආරම්භ වනු ඇති.

පාසල්වල තෙවැනි පාසල් වාරය මාර්තු 24 වැනිදායින් අවසන් වීමට නියමිතයි.

මේ අතර 2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම අද(05) සිට අත්හිටුවා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කරනු ලබන චක්‍රලේඛ අනුව පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවද, අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන අතර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන්, තමන් හදාරන විෂය ධාරාව ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

Local News

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි..

Published

on

By

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙනි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කල අතර එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

එමෙන්ම www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Continue Reading

Local News

ඉන්දියාවෙන් මෙරටට එන දුම්රිය එන්ජින්….

Published

on

By

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා විය.

Continue Reading

Local News

සචිත්‍රට ඇප…

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (25) ඇපමත මුදා හැර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්