560 views 0 secs 0 comments

O/L නිමවීමෙන් පසු කලහකාරි ලෙස හැසිරීමෙන් වළකින්න.. විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට දැනුම් දෙයි..

In Local News
March 10, 2021

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (10) දිනෙන් අවසන් වීමට නියමිත අතර විභාගය අවසන් වීමෙන් පසුව විභාග මධ්‍යස්ථානවල කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකී සිටින ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම්දෙයි.

පොදු දේපලවලට අලාභහානි කිරීම හෝ කොවිඩ් -19 මාර්ගෝපදේශයන්ට පටහැනිව කටයුතු කළහොත් විභාග පනත යටතේ දැඩි දඬුවම් පමුණුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම් කටයුතු පුහුණු සැසිවලින් අනතුරුව ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.