කොළඹ ප්‍රදේශයේ ගංවතුර ඇතිවීමට බලපෑ මූලික හේතු විමර්ශනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන්ගෙන් වාර්තා ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම් වෙත පවරා ඇත. එසේම අනාගතයේ මෙවැනි තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අදාළ නිර්දේශ ද මේ සමඟ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තවද කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීම, කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය කිරීම සහ ඉඩම් පරිහරණය ප්‍රශස්ත කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩලය නිර්දේශ කර ඇත.
