168 views 0 secs 0 comments

අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි…

In Local News
January 18, 2023

නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 70,000කට නොමිලේ කිරිපිටි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
එම සමාගම විසින් මෙම කිරිපිටි තොගය ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබුවා.

රට පුරා සිටින ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන හඳුනාගත් පවුල් 70,000ක් වෙත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මෙම කිරිපිටි ලබාදීමට නියමිතයි.

සෑම පුරවැසියෙකුටම අවශ්‍ය පෝෂණය ලැබීම සහතික කිරීමත්, එහි මූලික පියවරෙහි අරමුණු වඩාත් අවදානමට ලක් වූ පවුල්වල පෝෂණ අවශ්‍යතාවයන් සැපිරීමට සහාය දීමත් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනේ දැක්ම වන බව ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති සහ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ ප්‍රකාශ කර සිටියා.