153 views 0 secs 0 comments

උ. පෙළ පැවැත්වෙන දිනයන්හි විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්…

In Local News
January 18, 2023

විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හිදී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර සිටියා.

උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුමද අවශ්‍ය වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.