210 views 0 secs 0 comments

වියට්නාම ජනපති ඉල්ලා අස්වෙයි…

In World News
January 18, 2023

ඉහළ පෙළේ දූෂණ වංචා රැසක් පිළිබඳව චෝදනා එල්ල වී තිබූ වියට්නාම ජනපති නුයෙන් ෂුආන් ෆුක් ඉල්ලා අස් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

මෙම වංචා දූෂණ පිළිබඳව අදහස් දැක්වීමට එරට කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කර තිබූ මධ්‍යම කාරක සභා සැසියේ දී ඔහු එලෙස ඉල්ලා අස්වී තිබේ. අතර

68 හැවිරිදි ෆුක් 1979 දී පළාත් මට්ටමින් දේශපාලනයට පිවිස 2016 සිට 2021 වසර දක්වා වියට්නාමයේ අගමැති ධුරය දරා ඇති අතර 2021 අප්‍රේල් මාසයේ දී ඔහු එරට ජාතික සභාව විසින් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගනු ලැබීය.