700 views 0 secs 0 comments

ජනවාරියේ සිට ඉන්දියාවට කොවිඩ් එන්නත..

In Health, World News
December 18, 2020

ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය කිරීම ඉන්දියාවේ අරමුණයි.
එරට ඖෂධ නියාමන බලධාරීන් එන්නත් වර්ග කිහිපයක් සඳහා ඉදිරි සති කිහිපය තුළ අනුමැතිය දීමට කටයුතු කරනු ඇති බව සඳහන් වේ. මේ වනවිට ඖෂධ සමාගම් දෙකක් අනුමැතිය සඳහා අයදුම්කර ඇති අතර තවත් එන්නත් නිෂ්පාදන 6ක් සායනික අත්හදාබැලීම්වලට ලක්කරමින් පවතී.
මේ දක්වා ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 10ක් පමණ වාර්තා වී ඇති අතර කොවිඩ් මරණ 144,000ක් පමණ වාර්ථා වේ.