
ඊයේ (20) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
බොරැල්ල සරණපාල හිමි මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගිය බවට වාර්ථා වේ.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම හම්බන්තොට ගොන්නෝරුව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් 27 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර හම්බන්තොට පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.