Connect with us

Local News

ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති…

Published

on

ශ්‍රී ලංකාවට විදේශ ආයෝජන ඇද දීම සඳහා නව මාර්ගෝපදේශයක් සකස් කරමින් ක්‍රියාත්මක වීම අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළදී ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනයක් ලබා ගැනීමට හැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කළේය.

මෙය අද (20) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අනාවරණය විය.

2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය ආයෝජන ඩොලර් මිලියන 21කින් සහ අපනයන ආදායම ඩොලර් මිලියන 176කින් වර්ධනය වී ඇති බවත්, මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති මුළු විදේශ ආයෝජන ඩොලර් මිලියන 4669ක් බවත් නිලධාරීහු පැවසූහ.

රටට ආයෝජන ආකර්ෂණය කිරීමේ දී ඇති ගැටලු හා අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම් සෙවීමත්, කාර්යක්ෂම ක්‍රියාමාර්ග හඳුනා ගැනීමත් මෙම රැස්වීමේදී විශේෂ අවධානයට ලක් විය.

ජනාධිපතිවරයා මෙහිදී පැවසූවේ, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ආයෝජන මණ්ඩලය ඉතා වැදගත් භූමිකාවක් ඉටු කළ යුතු බවයි. සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලට සීමා වීමෙන් වඩාත් ප්‍රයෝජනවත් වන නව ආයෝජන ක්ෂේත්‍ර හඳුනාගෙන, ඒවා තුළ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

1978 වසරේ සිට මෙරටට ලැබී ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 22ක් පමණ බව සඳහන් කරමින්, වියට්නාමය වැනි රටවල් එක් වසරකදී පමණක් ඩොලර් බිලියන 23ක ආයෝජන ආකර්ෂණය කිරීමට සමත් වී ඇති බව ජනාධිපතිවරයා උදාහරණයක් ලෙස පැවසීය.

ආයෝජන මණ්ඩලය සම්භවිත අවස්ථා පසුපස දිව යාමට පමණක් නොව, නව ආයෝජන හැකියාවන් සෙවීම සඳහා ද ක්‍රියා කළ යුතු බවද, සේවා අංශය වැනි ක්ෂේත්‍රවලට වැඩි අවධානයක් යොමු කළ යුතු බවද ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත්, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් යන අදාළ පාර්ශ්ව ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Local News

කීරි සම්බා සහ සම්බා සහල් හිඟය පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් ප්‍රකාශයක්….

Published

on

By

රට තුළ පවතින කීරි සම්බා සහ සම්බා සහල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා අද (15) ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු පැවසුවේ අධිකාරියට ලැබුණු පැමිණිලි පසුපස සිදු කළ සොයා බැලීම් මගින් සහල් හිඟය පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි. නමුත් සහල් සඳහා ගැසට් පත්‍රයකින් පාලන මිල නියම කර ඇති අතර, එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරීමේ අවස්ථාවලදී නීතිය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.

සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගැසට් පත්‍රයට අනුකූලව වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම සිදුකරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අතරතුර සහල් සම්බන්ධ වැටලීම් 3,000කට වැඩි වශයෙන් සිදුකර ඇති අතර, ඒ මගින් 1,000කට ආසන්න නීතිමය පියවර ගෙන, රුපියල් මිලියන 95ට ආසන්න මුදලක් අයකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, පවතින සහල් හිඟය හේතුවෙන් ගැසට් පත්‍ර සංශෝධනය කිරීමේ කිසිදු අපේක්ෂාවක් මේ වන විට නොමැති බවද ඔහු අවධාරණය කළේය.

Continue Reading

Local News

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතයි – බලශක්ති අමාත්‍ය…

Published

on

By

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරමින් ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට ගෙන යන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සේවය කරන සේවකයින් 23,000කට අධික පිරිස මෙතෙක් පවතින අතර, ප්‍රතිසංස්කරණය යටතේ ඔවුන් සම්පූර්ණයෙන්ම රජයේ අයිතියට අයත් ආයතන 04කට අනුයුක්ත කිරීමට නියමිත බවයි.

මෙම ආයතන සියල්ලම මහා භාණ්ඩාගාරය සතු සමාගම් වන අතර සේවකයින්ගේ රැකියා නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

එසේම, යම් සේවකයෙකුට නව ආයතනවලට අනුයුක්ත වීමට අකමැති නම්, ඔවුන්ට කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමට හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මේ සංශෝධන සිදු නොකළේ නම්, පසුගිය අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අගෝස්තු 17 පසු විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000ක් රැකියාවෙන් ඉවත් කිරීමට තිබූ තීරණ ක්‍රියාත්මක වීමට තිබූ බවයි.

ඒ අනුව, ආයතන 12කට විදුලිබල මණ්ඩලය බෙදීමේ මූලික යෝජනාද අත්හිටුවී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“අපි ජනතාවගේ ආණ්ඩුවක් විදියට හැම සේවකයෙකු ගැනත් වග කියනවා. රටේ බලශක්ති සුරක්ෂිතතාවය වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි බඳුන ගන්නවා” යයි අමාත්‍ය ජයකොඩි මහතා අවසන් කළේය.

Continue Reading

Local News

මහයියාව ප්‍රදේශයේ දරුවන්ට ශිෂ්‍යාධාර – ජනාධිපති අරමුදලේ නව වැඩසටහන…

Published

on

By

මහයියාව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් දරුවන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මගින් ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන ඊයේ (14) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී, පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහයියාව පුර්ණවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසමට අයත් පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් 2025 මැයි 31 දින ජනාධිපති අරමුදලේ නිලධාරීන් සිදුකළ ක්ෂේත්‍ර පරීක්ෂණයක දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සුදුසු බව නිරීක්ෂණය විය.

එහි පළමු අදියර යටතේ සිසු-සෙසූවියන් 28 දෙනෙකුට ශිෂ්‍යාධාර ලබාදීමත් සමඟ වැඩසටහන ක්‍රියාත්මක විය.

Continue Reading

ප්‍රවණතාවන්