178 views 0 secs 0 comments

අනුරාධපුරයට විශේෂ දුම්රියක්…

In Local News
October 08, 2022

අද (08) සිට අනුරාධපුරය දක්වා ගමන් කරන සංචාරකයන් හා වන්දනාකරුවන් සදහා සෑම සතිඅන්තයකම විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:20ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර සවස 1:24ට අනුරාධපුරයට ළගා වීමට නියමිතය.
නැවත ඉරිදා දින අනුරාධපුරයෙන් සවස 5ට පිටත් වන අතර රාත්‍රී 9:14ට කොළඹඨ ලගා වීමට නියමිතයි.