Connect with us

Local News

සදුදා විශේෂ බැංකු නිවාඩු දිනයක්..

Published

on

එළඹෙන සදුදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නබි නායක තුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරුදිනට යෙදී තිබීම එයට හේතුවයි.

Local News

2021 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ…

Published

on

By

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ තවදුරටත් විමසීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ පාසැල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

Continue Reading

Helth

ඩෙංගු මර්දනයට ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර….

Published

on

By

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත්, ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව්ත්, නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින අතර මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් තිස් දෙදෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් දස දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය.

නිවසේ හෝ අසල නිවසක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු ඇත්නම්, ඔබටද ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

Continue Reading

Local News

ඉන්ධන කෝටාව ඉහල දැමීමට තීරණයක්…

Published

on

By

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් , දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව සඳහන් කර තෙබේ.

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Continue Reading

ප්‍රවණතාවන්