76 views 0 secs 0 comments

ඡන්දය හේතුවෙන් මැයි 5,6 සියලුම පාසල් සඳහා නිවාඩු..

In Local News
April 24, 2025

2025 මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන්, දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව නිවේදනයක් මගින් පවසා තිබේ.

ඒ අනුව, පාසල් නැවත ආරම්භ වන්නේ මැයි 7 වැනිදාය.

මෙම ඡන්ද විමසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදාගන්නා පාසල් 2025 මැයි 4 වැනිදා තුළ අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදිය යුතු අතර, ඡන්ද කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් සපයාදිය යුතු බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

එසේම, පාසල් සඳහා නිවාඩු ලබාදිය යුතු දිනයන් විශේෂයෙන් සඳහන් කර ඇති අතර, පාසල් වේලාවෙන් පසුව භාවිතයට ඉල්ලා ඇති පාසල්, එදින පාසල පැවැත්වීමෙන් පසුව පමණක් මැතිවරණ කටයුතු සඳහා භාරදිය යුතුය.