81 views 0 secs 0 comments

වහා ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවෙන් පකිස්ථානු ජාතිකයන්ට වීසා නිකුත් කිරීම අත්හිටුවයි..

In World News
April 24, 2025

වහාම ක්‍රියාත්මක වන පරිදි පකිස්තාන ජාතිකයින්ට වීසා නිකුත් කිරීම ඉන්දියාව අත්හිටුවා ඇති අතර, එරට සිටින සියලු පකිස්තාන ජාතිකයින් පැය 48 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.

වෛද්‍ය හේතු මත වීසා ලබාගත් අය සඳහා පැය 72ක කාලයක් ලබාදී ඇති අතර, සියලු ඉන්දියානුවන්ට පකිස්තානයෙන් හැකි ඉක්මනින් පිටවීමට උපදෙස්ද නිකුත් කර තිබේ. එමෙන්ම පකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසද ඉන්දියානු පුරවැසියන්ට දැනුම් දී ඇත.

ජම්මු කාශ්මීර ප්‍රදේශයේ පසුගිය අඟහරුවාදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, 26 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර, මෙම ප්‍රහාරයට සම්බන්ධ සියලු ත්‍රස්තවාදීන්ට සහ ඔවුන්ට සහය දුන් අයෙකුට දැඩි දඬුවම් ලබාදෙන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.

මෙයට ප්‍රතිචාර දැක්වූ පකිස්තානය, ඇතැම් ඉන්දියානුවන්ට නිකුත් කළ වීසා අවලංගු කරන බවත්, ඉන්දියාව සමඟ සිදුකරන සියලු වෙළෙඳ කටයුතු අත්හිටුවන බවත් නිවේදනය කර ඇත.

එමෙන්ම ඉන්දීය හිමිකාරිත්වයට අයත් හා ඉන්දීය පාලනය යටතේ පවතින ගුවන් යානා සඳහා පකිස්තානයේ ගුවන් අවකාශය වසා දමන බවද එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ.