2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
මෙය අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම සම්බන්ධයෙන් එතුමන්ගේ අවසන් කටයුතු එදිනට යෙදී තිබීම නිසා වන අතර, එම අවස්ථාවට ගරු කිරීමක් වශයෙන් මෙම තීරණය ගත් බව සඳහන් වේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකින්, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දෙනු ලැබී ඇත්තේ, එදින සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසය.

