Connect with us

Local News

සතොසෙහි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළට..

Published

on

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇති අතර දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) සිට ලබා ගත හැකි බව නිවේනදය කරයි.

ඒ අනුව රට කජු කිලෝවක් රුපියල් 100කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 995කි.

දුඹුරු සිනි කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 300කි.

ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 180ක් වන අතර රතු කව්පි කිලෝවක් රුපියල් 30කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 765ක් ලෙස දැක්වේ.

හාල් මැස්සො කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 940කි.

වියලි මිරිස් කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 830කි.

බාස්මතී සහල් කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 645කි.

ආනයනික ලොකු ලුණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 230කි.

පරිප්පු කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 288කි.

සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 240කි.

Local News

නැවත දැනුම්දෙන තුරු වසා දැමූ 18 වංගුව…

Published

on

By

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි.

අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Continue Reading

Local News

රාජ්‍ය සේවයේ ඉහල තනතුරු 3ට කැබිනට් අනුමැතිය හිමි වෙයි..

Published

on

By

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබේ.

ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.එච්.පී පාලිත ප්‍රනාන්දු මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

එමෙන්ම ඉඩම් කොමසාරිස් ජනරාල් ලෙස ආර්.ඒ චන්දන සමන් රණවීර ආරච්චි මහතා පත් කර තිබේ.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ආචාර්ය ඊ.ආර්.එස්.පී එදිරිමාන්න මහත්මිය පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Continue Reading

Local News

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්..

Published

on

By

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (14) උදෑසන 6:00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (15) උදෑසන 6:00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි අතර එම නිවේදනයෙන් කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත්වන ලෙසට ද දැනුම් දී තිබේ.

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බව ද නිවේදනයේ සඳහන් වේ.

මේ පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

ප්‍රවණතාවන්