Connect with us

Local News

නැවත දැනුම්දෙන තුරු වසා දැමූ 18 වංගුව…

Published

on

කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන්18 වංගුව මාර්ගය නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේදී පමණක් වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා එම මාර්ග කොටස වසා තැබෙනු ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි.

අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

කොටස් වෙළෙඳපොළට සජීවී ආරම්භයක් – මිල දර්ශක උඩට, ගනුදෙනු පිරිවැටුම පහළට…

Published

on

By

දීර්ඝ සතිඅන්තයකින් පසුව අද (අප්‍රේල් 16) කොළඹ කොටස් වෙළෙඳපොළ නැවත ආරම්භවූ අතර, මිල දර්ශකවල දැඩි ඉහළ යාමක් වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන්වී තිබුණි. S&ඵ් Sළ්20 දර්ශකය ද ඒකක 29.95කින් ඉහළ ගොස් 4,644.49ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවද, අද දිනයේ ගනුදෙනු පිරිවැටුම පහළ මට්ටමක පැවති අතර, එය රුපියල් මිලියන 792ක් ලෙස සටහන් විය.

මෙහිදී දේශීය මිලදී ගැනීම් රු. මිලියන 781ක්ද, විකිණුම් රු. මිලියන 730ක්ද වූ අතර, විදේශීය මිලදී ගැනීම් කෙරෙහි දැඩි පහළ යාමක් පෙනී යයි. එම මිලදී ගැනීම් රු. මිලියන 11ක් වන අතර විදේශීය විකිණුම් රු. මිලියන 61ක් ලෙස වාර්තා වී ඇත.

Continue Reading

Local News

හෙට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට දැඩි උෂ්ණත්වය – අවධානයෙන් සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

Published

on

By

හෙට (අප්‍රේල් 17) දිනයේදී දිවයිනේ කිහිපයක ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ, නැගෙනහිර පළාත්වලට අමතරව රත්නපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශද මෙයට ඇතුළත්ය.

එම නිසා එළිමහන් වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් දී සිටී.

Continue Reading

Local News

අලුත් අවුරුද්දේ දින 6කින් අධිවේගී මාර්ගවලින් වාහන 7 ලක්ෂ 87,000ක්…

Published

on

By

මෙවර අලුත් අවුරුදු සමයේ දින 6ක් තුළ ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය හරහා වාහන 787,000ක් ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මේ මගින් රුපියල් මිලියන 273ක ආදායමක් උපයා ඇති බවත්, ඒ අතරින් පසුගිය දිනයකදී (අප්‍රේල් 15) පමණක් ආදායම රුපියල් මිලියන 48ක් වී ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (නඩත්තු හා මෙහෙයුම්) ආර්.ඒ.ඩී. කහටපිටිය මහතා සඳහන් කළාය.

අද (අප්‍රේල් 16) දිනයේ, අලුත් අවුරුදු ගමන් සදහා පහසුවක් ලබාදීම සඳහා සියලුම අධිවේගී මාර්ග කවුළු විවෘතව තබා ඇති බවද ඔහු පැවසීය.

වාහනයක් ආපදාකට ලක්වුණහොත්, 1969 කෙටි අංකය ඔස්සේ ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානයට දැනුම්දෙන්නැයිද මහජනතාවට ඔහු ඉල්ලීමක් කර සිටියා

Continue Reading

ප්‍රවණතාවන්