ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලඇණි සමාලෝචනය (PFRs) ද සිදු කෙරුණු අතර, එය ලොව පුරා නාවික හමුදාවන් සිය රාජ්‍යයේ ස්වෛරීත්වයට හෝ රාජ්‍ය නායකයාට ගෞරව පුද කිරීමේ ඓතිහාසික හා සම්ප්‍රදායික උත්සවයකි.
