192 views 0 secs 0 comments

ඉන්ධන හිඟය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට බලපායි

In Local News
June 30, 2022

අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට අවසර ලබාදී ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් එම ආනයනික භාණ්ඩ රට තුළ බෙදා හැරීම ගැටලුවක් වී ඇති බව ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල කියා සිටියේ ඉන්ධන ලබාගැනීමට නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම මෙම ගැටලුවට හේතුවී ඇති බවයි.