143 views 0 secs 0 comments

“කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට තායිලන්තයෙන් මූල්‍ය පරිත්‍යාගයක්…..

In Local News
March 01, 2024

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ සහ තායිලන්තයේ බෞද්ධ බැතිමතුන් පිරිසක් ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර එහිදි ඇමරිකානු ඩොලර් 50,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී. මෙම මූල්‍ය පරිත්‍යාගය ඉතා අසරණ තත්ත්වයේ පසුවන ජනතාව වෙත පිහිටවීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත “කඳුලක් පිස දමමු” ව්‍යාපෘතියට යොදවන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දෙනු ලැබීය.