172 views 0 secs 0 comments

වී ගොවීන්ට සහනාධාර වවුචර්පත් නිකුත් කිරීම අද සිට…

In Local News
May 22, 2023

යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින් (22) ආරම්භ වූ අතර මෙම සහනාධාරය හිමිවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස් දහසකි.

ඒ අනූව හෙක්ටයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් හිමිවෙයි.

ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා මෙම සහනාධාරය ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා.

මේ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 ක් වන අතර රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන සහ පෞද්ගලික අංශය මගින් මිලදී ගැනීමට අවස්ථාව සළසා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියා.