183 views 0 secs 0 comments

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවතට…

In Local News
January 01, 2023

අද (01) සිට වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි..

එක් වාහනයක් පළාත් අතර අවස්ථා කිහිපයකදී විකුණන අවස්ථා ඇති බවත් එහිදී අංක තහඩුව අලුතින් මුද්‍රණය කළද රියදුරන් එය ලබා ගැනීමට නොපැමිණෙන බවත් ඒ හේතුවෙන් මෙම වියදම ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.