91 views 0 secs 0 comments

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්…

In Health, Local News
February 14, 2025

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියා..

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවය.

මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.