74 views 0 secs 0 comments

කොස්ගොඩින් හමු වූ නාඳුනන මල සිරුර..

In Local News
February 28, 2025

අද (28) උදෑසන කොස්ගොඩ පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක තිබී නාඳුනන පිරිමි මල සිරුරක් හමු වී ඇති අතර කොස්ගොඩ පොලිසිය ඒ සම්බන්ඳව විමර්ශන කටයුතු අරඹා තිබින.
මරණකරුගේ අනන්‍යතාවය මෙත්ක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 60ත් 65ත් අතර වයසැති නිල් පැහැති ටී- ෂර්ට් එකක් හා කොළ හා කළු පැහැති කොටු සරමක් හැඳ සිට ඇති බව වාර්තා වේ.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොස්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.