91 views 0 secs 0 comments

කටුගස්තොට මඩවල ප්‍රදේශයෙන් හමු වූ පිස්තෝලය…

In Local News
February 28, 2025

අද (28) උදෑසන කටුගස්තොට පොලිස් වසමේ මඩවල ප්‍රධාන මාර්ගයේ මහවැලි ගඟ සමීපයේ බෝක්කුවක් යට සඟවා තිබූ විදේශ රටක නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ පතොරම් ගැබක් සොයාගෙන තිබේ.

කටුගස්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අවිය සොයාගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී..