Connect with us

Local News

උද්ධමනය පහලට…

Published

on

2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඉන්ධන මිල සංශෝධනයක්…

Published

on

By

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගනන් සංශෝධනය කර ඇත.
සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල
රුපියල් 9කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 447 ක් වේ.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 05 කින් පහළ දමා තිබේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බවද, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Local News

විදුලි ගාස්තු අඩුවෙන හැටි….

Published

on

By

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන ගාස්තුව 33.3% කින් එනම්, දැනට අය කරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින්, අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බව ප්‍රකාශ කර සිටියා.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර ඇති අතර ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දමා ඇත.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩුකර ඇත.

පොදු කාර්ය කාණ්ඩයට අයත් විදුලි බිල සියයට 23කින් අඩුකර ඇති අතර රාජ්‍ය අංශය සඳහා සියයට 22කින් විදුලි බිල අඩුකර ඇති අතර වීදි ලාම්පු සඳහා විදුලි බිල සියයට 20කින් අඩුකිරීමට පියවර ගෙන ඇත.

Continue Reading

Local News

“What’s New” කතිකාවට එක් වූ ජනපති…

Published

on

By

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙන බවත්, තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු බවත් තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “What’s New” කතිකාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Continue Reading

ප්‍රවණතාවන්