172 views 0 secs 0 comments

මාර්ග සංවර්ධන අධිකාරියේ හිඟ බිල්පත්..?

In Local News
November 21, 2022

මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි.

ඒ හේතුවෙන් රාත්‍රී කාලයේ කොළඹ නගරයේ මාර්ග ආලෝක සංඥාවල විදුලි සැපයුම ඉදිරියේදී විසන්ධි විය හැකි බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ විවිධ ආයතනවලින් එම මණ්ඩලය වෙත රුපියල් බිලියන 40 ක පමණ හිඟ බිල්පත් අය විය යුතුව පවතින බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය ගෙවා නොමැති බව කියන හිඟ බිල්පත් සම්බන්ධයෙන් ද සොයාබැලීමක් සිදුකළ යුතු බවය.