172 views 0 secs 0 comments

ඩොලරයේ මිල පහලට….

In Local News
March 08, 2023

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකය අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද (08) තවදුරටත් අඩු වී තිබෙනවා.

අද (08) දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 313.77 ක් ලෙස හා විකුණුම් මිල රු. 331.05 ක් ලෙසයි සටහන්ව තිබූ අතර ඊයේ (07) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 318.30 ක් ලෙස හා විකුණුම් මිල රු. 335.75 ක් ලෙසත් වාර්තාවී තිබුණා.