163 views 0 secs 0 comments

වෛද්‍යවරුන් 13 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට

In Local News
March 08, 2023

මාර්තු 15 වනදා වන විට රටම අඩපණ කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කළ යුතු බවට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 13 වනදා සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සම්බන්ධවීමට තීරණය කර ඇති බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ.

කෙසේ වුවද 10 වනදා මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලබාදී ඇති බවත්, එහිදී තම ගැටලුවලට විසඳුම් ලැබුණහොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාමට අවශ්‍ය නොවන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.