190 views 0 secs 0 comments

අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්…

In Local News
July 25, 2022

ඩෙංගු අධිවසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන අද (25) දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ, ඉකුත් ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 43,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් කර සිටියා.

නිවාස පරිශ්‍රවලට වඩා පොදු ස්ථාන, කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.