205 views 0 secs 0 comments

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතිනවා – චන්දිම ජීවන්දර

In Health, Local News
July 25, 2022

මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි.

එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි රෝග ලක්ෂණ හොඳින් නිරාවරණය වන බැවින් පහසුවෙන් රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පවතින බවත්, කොරෝනා රෝගයට සාපේක්ෂව බෝවන වේගය අඩු බවත්ය.

වෛරස් පිළිබඳ හදිසි කමිටුව රැස්වී ගත් තීරණයකට අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩ්රෝස් ඇඩ්නම් සඳහන් කර සිටියේ ලොව රටවල් 75කින් මේ වනවිට ආසාදිතයින් වාර්තා වී ඇත්හි බවයි.