154 views 0 secs 0 comments

අපරික්ෂාකාරී රිය පැදවීම නිසා ජීවිත අටක් අහිමි විය.

In Local News
March 12, 2022

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
බ්ලූමැන්ඩල්, මීගොඩ, බියගම, පොල්පිතිගම, කුරුවිට, මැල්සිරිපුර, කුඹුක්ගැටේ සහ නෙළුක්කුලම යන පොලිස් බල ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති අතර, පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇත.
බොහෝ අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රිය පැදවීම බව පොලිසිය ප්‍රකාශ කළේය.