68 views 0 secs 0 comments

මෙරට වතිකාන තානාපති කාර්යාලයට ගිය ජනපති..

In Local News
April 24, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දින වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව තම ශෝකය පළ කළාය.

මෙහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් විසින් උණුසුම්ව පිළිගන්නා ලදී.

ඊට අනතුරුව, ජනාධිපතිවරයා හා උන්වහන්සේ අතර කෙටි සාකච්ඡාවක් ද සිදුවුණ අතර, ජනාධිපතිවරයා ශෝක සටහන් පොතේ සටහනක් තබමින්, අතිඋතුම් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම නිමිත්තෙන් ලෝකයේ කිතුනු ජනතාවට සහ වතිකාන රාජ්‍යයට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ගැඹුරු ශෝකය ලබාදෙන ලදී.