එකොළොස් වන විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීම් ලැබූ ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (15) නිල වශයෙන් තම රාජකාරි ආරම්භ කළාය. මෙරට විභාග කොමසාරිස් ජනරාල් ධුරය දැරූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2005 කණ්ඩායමේ සාමාජිකාවක් වන ඇය, විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක්ද වේ. නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත්වීමට පෙර ඇය විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය පාසල් විභාග ශාඛාවේ සහ පාලන හා විමර්ශන ශාඛාවේ භාර විභාග කොමසාරිස්වරිය ලෙස කටයුතු කර තිබේ.
එසේම, ඇය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හා විදුහල්පතිවරිය ලෙසද කටයුතු කර ඇති අතර, ගාල්ල සංඝමිත්තා විදුහලේ ආදි ශිෂ්‍යාවක් වශයෙන්ද හඳුනාගත හැකිය.
රුහුණු විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියක්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධියක් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති ලියනගේ මහත්මිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ට පළපුරුද්දක් ඇති විශිෂ්ට නිලධාරිනියක් ලෙස සැළකේ.
