Connect with us

Local News

නව කැබිනට් මණ්ඩලය….

Published

on

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා

01 ආරක්ෂක
02 මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක
03 බලශක්ති
04 කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් යන අමාත්‍ය ධූර ඩරන අතර

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

05 අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු
06 අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ
07 කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා
08 වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන
09 සෞඛ්‍ය
යන අමාත්‍ය දූර වලට පත් කරන ලදී.

විජිත හේරත් මහතා

10 බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය
11 ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා
12 මහජන ආරක්ෂක
13 විදේශ කටයුතු
14 පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
15 ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ යන මහත්වරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. තුයියකොන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්විය.

Local News

ගාල්ල ප්‍රදේශයේ ජලභීතිකාව වැළඳීමෙන් පාසල් සිසුවෙකු මරුට…

Published

on

By

ගාල්ලේ හත් හැවිරිදි පාසල් සිසුවෙකු ජලභීතිකාව (රේබිස්) වැලඳීමෙන් අද (27) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සිසුවා 24 වනදා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මාසයකට පමණ පෙර නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු මුහුණ ප්‍රදේශය පහුරු ගා ඇති බව පසුව අනාවරණය වී ඇත. පසුව ජලයට හා සුළඟට බියවීම වැනි ලක්ෂණ දැක්වීමත් සමඟ සිසුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමව්පියන්ට භාරදී ඇත.

Continue Reading

Local News

ගාලු කොටුවේ ගල් බැම්මෙන් ඇද වැටී සිසුවෙක් මරුට…

Published

on

By

ගාල්ල කොටුවේ ගල් බැම්මේදී සිදුවූ අනතුරකින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 21 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ජනිත් ගමගේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් වාර්තා අනුව, ඔහු ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මිතුරන් සමඟ විනෝද වීම සඳහා ගාල්ල කොටුව පැමිණි අවස්ථාවේදී, ගල් බැම්මේ සිට මුහුදට පනිමින් ක්‍රීඩා කරන ස්ථානයෙන් ඇද වැටී මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. ඇදවැටීමෙන් ඔහුට බරපතළ තුවාල සිදුවී, කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෘත ශරීරය ගාල්ල ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර, ගාල්ල පොලීසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Continue Reading

Local News

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි…

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන අතර www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැක.

2024 උසස් පෙළ විභාගය පසුගිය වසරේ නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2312කදී පැවැත්වුණි.

විභාගය සඳහා සමස්ත අයඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඊට පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් ඇතුළත්ය.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබෙන අතර ඊට පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ඇතුළත් බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Continue Reading

ප්‍රවණතාවන්