150 views 0 secs 0 comments

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අත් හිටුවයි…

In Local News
April 02, 2024

සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සති 03කට අත්හිටුවීමට අද (02) තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලිපියක් ලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටියේ.

ඒ අනුව වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ටද ලැබෙන බවත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.