154 views 0 secs 0 comments

සතොසින් සහන මල්ලක්…

In Local News
April 02, 2024

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අද (02) සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

රු. 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420ක් වැනි සිල්ලර මිලකට මිළදී ගැනීමට මෙහිදී අවස්ථාව ලබාදී ඇති බවයි සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ.

එමෙන්ම අද සිට බිත්තරයක් රුපියල් 36 වැනි සිල්ලර මිලකට අලෙවි කිරීමටද සතොස පියවර ගෙන තිබේ.