164 views 0 secs 0 comments

මහව අනුරාධපුර නව දුම්රිය මාර්ගයට නව සංඥා පද්ධතියක්…

In Local News
April 02, 2024

මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.

මෙම සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15ක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කර සිටියා.

ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙන අතර පසුගිය දා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා පැවසීය.