
අද (16) ඉන්දියානු ණය පහසුකම යටතේ මෙරටට ලැබෙන අවසන් ඩීසල් රැගත් නෞකාව මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ වන විට අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කෙසේ නමුත් අද පැමිණෙන නෞකාවෙන් පසු නැවතත් ඉන්ධන නැවක් පැමිණෙන දිනයක් නිශ්චිතව සඳහන් නොවන අතර ණය පහසුකම් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට රජය සාකච්ඡා කරමින් පවතින බවයි සඳහන් වන්නේ.