204 views 0 secs 0 comments

දුම්රිය ධාවනයත් අඩාල වෙයිද..?

In Local News
June 16, 2022

එන්ජින් ඔයිල් නොමැති වීමෙන් ඉදිරියේදී දුම්රිය ධාවනය කිරීමට හැකියාවක් නොමැති බවත්, දැනට පවතින එන්ජිල් ඔයිල් ප්‍රමාණය තවත් මාස 02 ක් සඳහා පමණක් ප්‍රමාණවත් බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

එන්ජින් ඔයිල් ගෙන්විම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන් අතර මෙම තත්ත්වය තුළ දැනට ධාවනය කරන දුම්රියවලින් කොටසක් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවෙතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා