192 views 0 secs 0 comments

බදියුදීන් පාර්ලිමේන්තුවට සහභාගී වීම ගැන නීතිපතිගෙන් දැනුම්දීමක්..

In Local News
May 05, 2021

ඉකුත් අප්‍රේල් 24 වනදා අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට දින 90ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර බදියුදීන් මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ සරත් වීරසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී කරවීමෙන් ඉදිරි විමර්ශනවල බාධා විය හැකි නිසා ඔහුව පාර්ලිමේන්තු සැසිවාර සඳහා නොකැඳවන ලෙසයි