204 views 0 secs 0 comments

ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගය දිවයිනට…

In Local News
April 05, 2023

ඊයේ (04) රාත්‍රියේ ඉන්දියාවෙන් ආනයන කළ තවත් බිත්තර තොගයක් මෙරටට රැගෙන ආ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටියා.

ඊයේ රාත්‍රී ආනයනය කෙරෙණු බිත්තර තොගය මේවනවිට අනුමැතිය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර එම බිත්තර නියදි අද (05) දිනයේ පරීක්ෂණාගාර වෙත යොමු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර සාමාන්‍ය පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා මේ වන තෙක් අවසර ලැබී නොමැති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

මේවන විට බිත්තර මිලියන 04ක් ආනයනය කර ඇති බව එහි සභාපති අසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කර සිටියා.