168 views 4 secs 0 comments

ඉන්ධන කෝටාව ඉහලට…..

In Local News
April 05, 2023

සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා ඇති අතර එය ඊයේ (4) මධ්‍යම රාත්‍රියේ සිට යාවත්කාලීන කර ඇති බව වාර්තා වේ.

උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ඉන්ධන කෝටාව ඉහළ දැමූ ආකාරය පහතින්,

*විශේෂ ත්‍රීරෝද රථ – (දැනට පවතින ලීටර 10) – ලීටර් 15 දක්වා
*සාමාන්‍ය ත්‍රීරෝද රථ – (දැනට පවතින ලීටර 5) – ලීටර් 8 දක්වා
*යතුරුපැදි – (දැනට පවතින ලීටර 4) – ලීටර් 7 දක්වා
*බස් රථ – (දැනට පවතින ලීටර 40) – ලීටර් 60 දක්වා
*මෝටර් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*වෑන් රථ – (දැනට පවතින ලීටර 20) – ලීටර් 30 දක්වා
*ගොඩබිම් වාහන – (දැනට පවතින ලීටර 15) – ලීටර් 25 දක්වා
*ලොරි රථ – (දැනට පවතින ලීටර 50) – ලීටර් 75 දක්වා
*විශේෂ කාර්ය වාහන (දැනට පවතින ලීටර 20 ) – ලීටර් 30 දක්වා