
සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඊයේ පස්වරුවේ
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔහු ගිය බවයි.