180 views 0 secs 0 comments

කිරිපිටි මිල 200කින් වැඩි කිරීමට එකඟ වෙයි…

In Local News
September 19, 2021

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය සඳහන් කළේ, කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීමක් සිදු කළත් පසුව රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන වියදම් කමිටුව විසින් ගනු ලබන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.