
ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් එම “සය මාසික ආර්ථික සැලැස්ම” නිර්මාණය කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්ව්ටර් පණිවුඩයේ දැක්වේ.