163 views 2 secs 0 comments

ස්පුට්නික් – V තොගයක් දිවයිනට…

In Local News
September 19, 2021

අද (19) අලුයම රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – V එන්නත් මාත්‍රා 120,000 ක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.

ඒ අනුව එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ඇත.

මෙම ස්පුට්නික් – V කොවිඩ් මර්දන එන්නත් තොගය මහනුවර ප්‍රදේශයේ එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.