191 views 0 secs 0 comments

මෝදිගේ ජන්ම දිනයේ ලෝක වාර්තාවක් තැබූ ඉන්දියාව…

In World News
September 18, 2021

ඊයේ (17) දිනට යෙදී තිබූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 71 වන ජන්ම දිනයට සමගාමීව ඉන්දියාවේ ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත්කරණ විශේෂ වැඩසටහන යටතේ පුද්ගලයින් දෙකෝටි පනස් ලක්ෂයක පිරිසක් එන්නත්කරණයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙය දිනක් තුළ වැඩිම පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ලෝක වාර්තාවක්වේ

මීට පෙර දිනක් තුළ වැඩිම පිරිසකට එන්නත්කරණය සිදුකළ රට බවට චීනය පත්ව තිබුණි.

එම සංඛ්‍යාව දැක්වුණේ දෙකෝටි හතළිස් හත් ලක්ෂයක් ලෙසයි.

කෙසේවෙතත් මේ දක්වාත් ඉන්දියාවේ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ ජනගහනයෙන් සියයට 13ක ප්‍රතිශතයක් පමණයි.

මේ වසර අවසන් වන විට ජනගහනයෙන් සියයට 60කට මාත්‍රා දෙකම ලබාදීම ඉන්දීය රජයේ අපේක්ෂාව වී ඇති අතර එම ඉලක්කය සපුරා ගැනීමට නම් දෛනිකව පුද්ගලයින් කෝටිය ඉක්මවූ පිරිසක් එන්නත්කරණයට ලක් කළ යුතු බව විශ්ලේෂකයින් පෙන්වාදී ඇත.